Search

ඔස්ට්‍රේලියානුවන් ඇතුලු 298 කට මරු කැදවූ ගුවන් අනතුරේ වගකීම රුසියාවට

2014 ජූලි මාසයේදී නැගෙනහිර යුක්රේනයට ඉහළින් ගමන් කල  මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 ගුවන් යානය බිම හෙළීමට රුසියාව වගකිව යුතු බවට United Nations aviation agency (එක්සත් ජාතීන්ගේ ගුවන් සේවා ඒජන්සිය) තීන්දු කර තිබෙනවා.

රුසියාවේ නිෂ්පාදිත මිසයිලයකින් මගී ගුවන් යානය බිම හෙළන විට  ,එහි සිටි  පුද්ගලයින් 298 දෙනාම මිය ගියා.

ගුවන් අනතුර සඳහා කිසිදු වගකීමක් දැරීම Kremlin (ක්‍රෙම්ලිනය) සැමවිටම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ එක්සත් ජාතීන්ගේ කවුන්සිලය (ICAO) ප්‍රකාශ කළේ රුසියානු සමූහාණ්ඩුව ජාත්‍යන්තර ගුවන් නීතිය යටතේ තම බැඳීම් ඉටු කිරීමට අපොහොසත් වූ බවයි.

එම නීතියට අනුව රාජ්‍යයන් ගුවන් ගමනේදී සිවිල් ගුවන් යානා වලට එරෙහිව ආයුධ භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතු වනවා.

රුසියානු හිතවාදී කැරලිකරුවන් සහ යුක්රේන හමුදා අතර ගැටුමක් අතරතුර, යුක්රේනයේ ඩොන්බාස් ප්‍රදේශයට ඉහළින් මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 ගුවන් යානය කඩා වැටුනා.

මගීන් සහ කාර්ය මණ්ඩලයෙන් බහුතරයක් දෙනා එනම් 196 දෙනෙකු නෙදර්ලන්තයෙන් පැමිණි පුද්ගලයින් බවයි වාර්තා වුනේ.

යානයේ ඕස්ට්‍රේලියාවෙන් 38 දෙනෙකු, බ්‍රිතාන්‍ය පුරවැසියන් 10 දෙනෙකු මෙන්ම බෙල්ජියම් සහ මැලේසියානු ජාතිකයන් ද ගමන් ගෙන තිබුණා.

මෙම නඩුව 2022 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරන ලද අතර, ඕස්ට්‍රේලියානු සහ ලන්දේසි රජයන් දෙකම ICAO හි තීන්දුව පිළිගෙන තිබූ බ්වයි වාර්තා වුනේ.

ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය Penny Wong (පෙනී වොන්ග්) නිවේදනයක් නිකුත් කරමින් සදහන් කලේ  මෙම බිහිසුණු ප්‍රචණ්ඩ ක්‍රියාව සඳහා  වගකීමට අවසානයේ මුහුණ දෙන ලෙසත් එහි දරුණු හැසිරීමට වන්දි ගෙවන ලෙසත් රුසියාවට දන්වා සිටින බවයි .

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »