
ළමුන් 7 දෙනෙකුට බරපතල තුවාල සිදුකළ පාසල් බස් රථ අනතුර සම්බන්ධ චෝදනාව ට්‍රක් රථ රියදුරුගේ නීතීඥවරයා ප්‍රතික්ෂේප කරනවා.
2023 මැයි මාසයේ මෙල්බන් බටහිර ප්‍රදේශයේ පාසල් බස් රථයක් සහ ට්‍රක් රථයක් ගැටීමෙන් ප්‍රාථමික සිසුන් 7 දෙනෙකු බරපතල තුවාල ලැබුවා.
51 හැවිරිදි ජේමි ග්ලීසන්ගේ නීතීඥවරයා අද පෙත්සමක් ගොනුකරමින් කියාසිටියේ මෙම සිදුවීම ඛේදවාචකයක් වන නමුත් සෑම ඛේදවාචකයකට ම දුෂ්ඨයෙකු නොමැති බවයි.

ග්ලීසන්ගේ ට්‍රක් රථය, 46 දෙනෙකු රැගත් පාසල් බස් රථයේ පිටුපස ගැටීමෙන් බස් රථය කැරකැවී පැත්තට පෙරළී තිබුණා.
අනතුර ස්ථානය විමර්ෂණය කළ පොලීසිය තීරණය කර සිටියේ ට්‍රක් රථය ගැටීමට පෙර මීටර් 25 ක් පමණ ලිස්සා ගොස් ඇති අතර ට්‍රක් රථයේ වේගය පැයට කිලෝමීටර් 67 ක් ව පැවති බවයි.

පසුව ට්‍රක් රථය සම්බන්ධයෙන් කළ තක්සේරුවකදී අනාවරණය වී ඇත්තේ එහි තිරිංග දෝෂ සහිත බව නමුත් නිතිපතා එහි සේවය කළ ග්ලීසන් එය නොදැන සිට ඇති බවයි.
අනතුර සිදුවන අවස්ථාවේ ග්ලීසන් කිසිදු මත්ද්‍රව්‍ය හෝ මධ්‍යසාර භාවිත කර ඇති බව හා දුරකථනය භාවිත කර ඇති බවට කිසිදු සාක්ෂියක් හමුවී නැහැ.
එහිදී බස් රථයේ brake lights හෝ indicator තමා නොදුටු බව ග්ලීසන් පැවසුවා.
හෙට යළි නඩුව කැදවීමට නියමිත අතර හෙට දිනයේ පාසල් බස් රියදුරුගෙන් ප්‍රශ්න කරන බව වික්ටෝරියා බලධාරීන් කියාසිටියා.