
බාලවයස්කරුවෙකු ලිංගික ක්‍රියාවලට පොළඹවා ගැනීමේ චෝදනා මත වික්ටෝරියාවේ ගුරුවරියකට නඩු පවරා තිබෙනවා.
ලිංගික සූරාකෑම සම්බන්ධයෙන් චෝදනා තුනක් සහ වයස අවුරුදු 18 ට අඩු දරුවෙකු පොළඹවා ගැනීමේ චෝදනා දෙකක් යටතේ ඇයට නඩු පවරා ඇති බවයි වාර්තා වන්නේ.
2024 වසරේදී පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශයට ඇය පිළිබද තොරතුරු ලැබී තිබුණා.

මූලික විමර්ශනයේදී චෝදනා එල්ල වූ තවත් වින්දිතයින් හඳුනා ගැනීමෙන් පසු තවත් විමර්ශනයක් පවත්වා තිබෙනවා.
එහිදී කොන්දේසි කිහිපයක් මත අදාළ ගුරුවරිය ඇපමත මුදා හැරුණා.

චෝදනා වූ පුද්ගලයින් සමඟ සම්බන්ධතා නොපැවැත්වීම, පාසල් භූමියට පිවිසීමෙන් වැළකීම සහ වයස අවුරුදු 18ට අඩු පුද්ගලයන් සමඟ සම්බන්ධතා නොපැවැත්වීම ඇයට පැනවූ කොන්දේසි අතර වනවා.