Search

Captain Cook සිහිවටනය ඉවත් කරයි ?

Captain Cook සිහිවටනය ස්ථිරව ඉවත් කිරීමට මෙල්බන් නගරයේ Yarra නගර සභාව තීරණය කර තිබෙනවා.  

මෙය Edinburgh Gardens (Fitzroy) උද්‍යානයේ පිහිටා තිබූ අතර, විනාශකාරී ක්‍රියා දිගින් දිගටම සිදුවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි නගර සභාව පවසන්නේ.

විනාශකාරීන් විසින් අවසන් වරට එය විනාශ කිරීමෙන් පසු 2024 ජනවාරි 28 දින සිට මෙම සිහිවටනය එම ස්ථානයෙන් අතුරුදන් වී තිබුණා.

එය අලුතින් පිහිටුවීම සහ අලුත්වැඩියා කිරීමේ වියදම $ 15,000 ක් පමණ වනු ඇති බවටයි  ගණන් බලා ඇත්තේ.

Yarra නගර සභාව පෙන්වා දෙන්නේ එය ආපසු පිහිටුවුවොත් යළි විනාශ වීමේ අවදානමක් පවතින බැවින් එම වියදම අසාර්ථක වනු ඇති බවයි.

එහෙත් සිහිවටනය නැවත ඉදි කිරීමේ සැලසුම Captain Cook Society ආයතනය භාර ගැනීමට කැමැත්ත පළ කර ඇතත් එය නිල වශයෙන් තවමත් දැනුම් දී නැහැ.

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »