
ඔස්ට්‍රේලියාවේ නිවාස ණයක් ලබාගැනීම සඳහා ක්‍රෙඩිට් කාඩ්පතක් අත්‍යවශ්‍ය නොවන බව Women with Cents ව්‍යාපාරයේ නිර්මාතෘ සහ Financial educator Natasha Janssens පවසනවා.
සාර්ථක නිවාස ණය අයදුම්කරුවෙකුවීමට ක්‍රෙඩිට් කාඩ්පතක් හරහා ණය ගැනීම සහ ආපසු ගෙවීම් පිළිබඳ ඔප්පු කළ වාර්තාවක් අවශ්‍ය බවට පළවන වාර්තා මිත්‍යාවක් බව මූල්‍ය විශ්ලේෂකයෙකු කියාසිටියා.
කවදා හෝ ක්‍රෙඩිට් කාඩ්පතක් තිබේද නැද්ද යන්න නිවාස ණය ගැනීමට අදාල නොවන බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

කෙසේනමුත් ඇතැම් ණය ලබාගැනීමේදී ණය ඉතිහාසය වඩාත් සාධකයක් විය හැකි නමුත් නිවාස ණයක් අයදුම් කිරීමේදී රැකියා තත්වය සහ වියදම් රටා වැඩි බලපෑමක් ඇති කරනු ලබනවා.
නිවසක් මිලදී ගැනීමට සැලසුම්කර ඇත්නම් online හරහා තම credit score පිළිබඳ නොමිලේ පරික්ෂාවට ලක්කරන ලෙසයි Financial educator Natasha Janssens පවසන්නේ.

මෙම credit score පිටපතක් සෑම මාස 3 කට වරක් නොමිලේ ඉල්ලා සිටිය හැකි වනවා.
පළමු වරට නිවසක් මිලදී ගන්නේ නම් ණයක් අයදුම් කිරීමට පෙර මාස 6 ක් තුළ වියදම් සම්බන්ධයෙන් සැලකිලිමත් වියයුතු වන බව ජැන්සන් යෝජනා කළා.
ණය දෙන්නන්, ආපසු ගෙවීමේ දුෂ්කරතා ඇති විය හැකි දේවල් පිළිබඳ විමසිල්ලෙන් පසුවන බැවින් ආපසු ගෙවීම් නියමිත වේලාවට සිදුකරන්නැයි ඇය ඉල්ලා සිටිනවා.
මීට pay day loans, accounts with pay now buy later services, සහ gambling ඇතුළත් වනවා.
එමෙන්ම ණය දෙන්නන්, බැංකු ප්‍රකාශන සහ ක්‍රෙඩිට් කාඩ් ඇත්නම් එහි ඉතිහාසය නිරීක්ෂණය කරනු ඇති බවයි Financial educator Natasha Janssens අවධාරණය කළේ.