
තම නොඉපදුණු දරුවාගේ ලිංගිකත්වය සනාථ කිරීම සඳහා ඇමරිකාව බලාගිය මවක් පිළිබඳ මෙන්බන් නගරයෙන් වාර්තා වනවා.
ඇයට Instagram හි පරිශීලකයින් 60,000 කට වැඩි පිරිසක් සිටින අතර ඇය එහි සටහන් කර ඇත්තේ දරුවාගේ ලිංගිකත්වය පරීක්ෂා කිරීමට ඩොලර් 45000 ක් ගෙවා ඇමරිකාවට පියාසර කරන බවයි.
පිරිමි දරුවන් දෙදෙනෙකු සහ ගැහැණු දරුවෙකු සිටින Caitlyn Bailey නම් මෙම මව IVF හරහායි මෙවර ගැබ්ගෙන ඇත්තේ.

IVF ලිංගික තේරීම ඕස්ට්‍රේලියාවේ 2004 වසරේ තහනම් කර ඇති අතර මෙම සේවාව ලබා දෙන සායනවලටද සිර දඬුවම් නියම වනු ඇති.
වෙනත් ඔස්ට්‍රේලියානු මව්වරුන්ද තම දරුවාගේ ලිංගිකත්වය සනාථ කිරීම සඳහා විදෙස් ගතවූ පුවත් මීට පෙරද වාර්තා වී තිබෙනවා.

කෙසේවෙතත් මොනෑෂ් විශ්ව විද්‍යාලයේ මානව හිමිකම් නීති මහාචාර්ය Paula Gerber ඇතුළු මානව හිමිකම් සංවිධානය රැසක් මෙම ක්‍රියාව හෙළාදැක තිබෙනවා.
Gerber පවසන්නේ බොහෝ සංස්කෘතීන් තුළ පුතුන් සඳහා මනාපයක් වන අතර කාන්තාවන් සහ දියණියන් අඩු වටිනාකමක් ඇති බවට වැරදි මත පවතින බවයි.