Search

ඡන්ද පෙට්ටියක් නිවසට රැගෙන ගිය සිඩ්නි මැතිවරණ සේවකයා

ෆෙඩරල් මැතිවරණයෙන් අතුරුදන් වූ ඡන්ද පත්‍රිකා 2000 කට ආසන්න ප්‍රමාණයක් සිඩ්නි මැතිවරණ සේවකයෙකුගේ නිවසක තිබී හමුව තිබෙනවා.

ඡන්ද දැනටමත් ගණන් කර ඇති බැවින් සිද්ධිය නිව් සවුත්වේල්ස් බාර්ටන් හි ප්‍රතිඵලයට බලපා නොමැති බවයි නිළධාරීන් පවසන්නේ.

නමුත් එය සිදු නොවිය යුත්තක් බැවින් මැතිවරණ ක්‍රියාවලියේ වැඩිදියුණු කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා විමර්ෂණයක් ආරම්භ කර තිබෙනවා. 

මැතිවරණ රාත්‍රියේ ඡන්ද විමසීම අවසන් වූ පසු සිඩ්නි උපනරගයක් වන හර්ස්ට්විල් හි ඡන්ද මධ්‍යස්ථානයකින් 1866 ක නියෝජිත මන්ත්‍රී මණ්ඩල ඡන්දවලින් පිරුණු ආරක්ෂිත ඡන්ද පෙට්ටියක් මෙම සැකකාර සේවකයා රැගෙන ගොස් ඇති බවයි වාර්තා වී ඇත්තේ.

එම ඡන්ද පෙට්ටිය මැතිවරණ කොමිසමට අයත් මධ්‍යම ගණන් කිරීමේ මධ්‍යස්ථානයට රැගෙන ගොස් නොමැති බවද වාර්තා වනවා.

පසුගිය සතියේ නිළධාරීන් විසින් සාමාන්‍ය ඡන්ද නැවත ගණන් කිරීම ආරම්භ කළවිට එක් ඡන්ද පෙට්ටියක් අතුරුදන් වී ඇති බව ඔවුන්ට වැටහුණා.

ඒ අනුව කළ සෝදිසි කිරීමේදී එක් ඡන්ද පෙට්ටියක් මෙම සැකකාර ඡන්ද මධ්‍යස්ථාන ප්‍රවාහන නිලධාරියා සතුව තිබී හමුවූ බවයි වාර්තා පළවන්නේ.

ඒවා ආරක්ෂක මුද්‍රා සියල්ලම නොකැඩී සහ කිසිදු හානියක් නොමැතිව තිබුණු බවද බලධාරීන් කියාසිටියා.

පසුව ප්‍රවාහන කන්ටේනරයේ තිබූ එම සියලුම ඡන්ද පත්‍රිකා වහාම ගණන් කිරීමේ මධ්‍යස්ථානයට ආපසු ලබාදි ඇති අතර එහිදී නැවත පරික්ෂාවකට ලක්කර තිබෙනවා.

සිද්ධිය හිතාමතා කළ ක්‍රියාවක් ලෙස නොසලකන නමුත් සේවකයා සමග ප්‍රශ්න කිරීමේදී ගැටළු මතුවූ බව පොලීසිය සඳහන් කළා. 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »