Search

ජනපති ට්‍රම්ප්ට තෑගි ලැබෙන අහස් මාලිගාව

කටාර් රාජකීය පවුලෙන් පිරිනමන සුඛෝපභෝගී ජම්බෝ ජෙට් යානයක් පිළිගැනීමට අමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කැමැත්ත පලකර තිබෙනවා.

අමරිකාවට ලැබුණු විශාලතම විදේශීය තෑග්ග ලෙස සනිටුහන් කරන මෙහි නීත්‍යානුකූලභාවය පිළිබඳව විවේචනද එල්ල වෙමින් පවතිනවා.

ට්‍රම්ප් බෝයිං 747-8 ගුවන් යානය පිළිගැනීමට සූදානම් වන අතර පසුව එය ඔහු එයාර් ෆෝස් වන් ලෙස භාවිතා කරනු ඇති බවයි මාද්‍ය වාර්තා කරන්නේ.

ට්‍රම්ප් සිය දෙවන ධුර කාලය අවසන් වූ පසු තෑග්ගේ අයිතිය ට්‍රම්ප් ජනාධිපති පුස්තකාල පදනමට පැවරීමට අපේක්ෂා කරන බවද සදහන්.

මෙහි වටිනාකම ඩොලර් මිලියන 400 ක් ලෙසයි සැලකෙන්නේ.

කටාර් නිලධාරියෙකු පැවසුවේ යානය තාක්ෂණික වශයෙන් කටාර් ආරක්ෂක අමාත්‍යාංශයෙන් පෙන්ටගනයට තෑගි කරන බව සහ, එය පුද්ගලික එකක්  නොව රජයෙන් රජයට සිදු කරන ගණුදෙනුවක් බවයි.

ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් පසුව මෙම යානය ජනාධිපතිවරයාගේ භාවිතය සඳහා ආරක්ෂක විශේෂාංග සහ වෙනස් කිරීම් සමඟ යානය නැවත සකස්  කිරීමට සැලසුම් කර තිබෙනවා.

 

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »

ඇන්තනී අල්බනීස්ට ‘Pretty stupid ‘ ලෙස තර්ජනයක්

අගමැති ඇන්තනී අල්බනීස්ට තර්ජන සම්බන්ධයෙන් මෙල්බන් හී පදිංචිකරුවෙකුව අත් අඩංගුවට ගෙන තිබෙනවා. 42 හැවිරිදි ඩේල් බර්න් නම් මෙම පුද්ගලයා සමාජ මාධ්‍ය හරහා Pretty stupid ලෙස

Read More »