Search

වේග සීමා වලට යටත්වන E-Scooter

දැඩි වේග සීමාවන් සහ වයස් සීමාවන් යටතේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තුළ E-Scooter භාවිතය නීතිගත කළ හැකිද යන්න සොයා බලමින් පවතිනවා.

මේ සම්බන්දයෙන් පාර්ලිමේන්තු පරීක්ෂණයකට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තොරතුරු ලබා දෙනු ඇති.

මෙම යෝජනාව යටතේ, පැයට කිලෝමීටර 10 ත් 20 ත් අතර වේගයකින්  shared paths තුල ඊ-ස්කූටර් භාවිතා කිරීමට අවසර හිමිවනවා.

පැයට කිලෝමීටර 50 ක උපරිම වේගයක් ඇති මාර්ගවල, ඊ-ස්කූටර් ධාවකයින්ට වේගය පැයට කිලෝමීටර 20 ක වේගයකට සීමා වනවා.

මෙය  ධාවනය කිරීමට අවම වශයෙන් වයස අවුරුදු 16 ක් විය යුතු අතර, එය ACT හැර ඕස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම නීතිරීතිවලට අනුකූල වනවා.

නිව් සවුත් වේල්ස් රජය E-Scooter සඳහා වේග සීමාවක් පැනවීමට සැලසුම් නොකලද එයට අදාලව නීති මාලාවක් හදුන්වා දීමට සැලසුම් කර තිබෙනවා.

NSW රජයේ යෝජනාව ඉදිරිපත් වන්නේ වික්ටෝරියා හි E-Scooter සම්බන්දයෙන් බරපතල ගැටලු පවතින පසුබිමකයි.

එහිදී නීතිවිරෝධී ලෙස වෙනස් කරන ලද විද්‍යුත් බයිසිකලයක ගැටීමෙන් දෙදෙනෙකු රෝහල් ගත කරනු ලැබුවා.

Mornington Peninsula, හි 69 හැවිරිදි පදිකයෙකු E-Scooter යේ ගැටී තුවාල සහිතව රෝහල් ගත කරන ලද අතර 24 හැවිරිදි  E-Scooter ය පදින ලද පුද්ගලයාද බරපතල තුවාල ලබා රෝහල් ගත කලා.

මෙම හේතුන් මත ලමුන් සඳහා ස්කූටර් නීතිගත නොකරන ලෙස මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටීමට වෛද්‍යවරු කටයුතු කර තිබෙනවා.

 

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »

ඔස්ට්‍රේලියාවේ Influenza රෝගීන් වාර්තාගත ලෙස ඉහළට

නවතම ජාතික සෞඛ්‍ය දත්ත වලට අනුව Winter flu හෙවත් ඉන්ෆ්ලුවෙන්සා හේතුවෙන් රෝහල්ගත වන සංඛ්‍යාව 50% කින් ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සති දෙක තුළ රෝගීන් 431ක්

Read More »