
ඕස්ට්‍රේලියානු තරුණයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට (financial matters) මූල්‍යමය ගැටළු ඔවුන්ගේ ජීවිතයේ වඩාත්ම පීඩා සහිත දේවල් වලින් එකක් ලෙස සලකන බව ෆයිනෑන්ෂියල් බේසික්ස් ෆවුන්ඩේෂන් (Financial Basics Foundation) ආයතනය පවසනවා.
එය නිසැකවම කනස්සල්ලට කරුණක් මෙන්ම රටේ අඩුම financial literacy ඇති අය අතර තරුණයින් ද සිටින බවයි එහි ප්‍රධාන විධායක නිලධාරී කැත්‍රිනා සමියොස් කියාසිටියේ.
මේ අතර වසර 4 කට පමණ පෙරදී ඇතැම් සිසුන් රැකියාවක් හෝ වැඩිදුර අධ්‍යාපනයක් සඳහා සැලසුම් නොමැතිව පාසල් අධ්‍යාපනය අවසන්ව ගිය බව පාසල් ගුරු සංගම් පෙන්වාදෙනවා.

එහෙත් අද වන විට එය බොහෝ දුරට අඩුව ගොස් තිබෙන බවයි ඔවුන් කියාසිටින්නේ.
financial literacy සහ යහපැවැත්ම පිළිබඳ වැඩසටහන් හේතුවෙන් දරුවන් සාර්ථකත්වය කරා ගමන් කරන බවයි ගුරු සංගම් පවසන්නේ.

එ අනූව ජාතික විෂය මාලාවට financial literacy අනිවාර්ය කළ යුතු බව පාසල් සහ ලාභ නොලබන සංවිධානයක් ද පවසනවා.
විවිධ ආර්ථික මට්ටම්වල සිටින සිසුන් මෙන්ම කාර්ය මණ්ඩල අතරද සරණාගත සිසුන් පාසල් තුල සිටීම නිසා විධිමත් ලෙස financial literacy ඉගැන්වීම ඉතා වැදගත් බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
පාසලේදී, financial literacy සෑම සිසුවෙකුටම සැබවින්ම වැදගත් වන්නේ එමගින් මුදල් පරිහරණය කරන ආකාරය පිළිබඳ ඔවුන් දැනුවත් කිරීමට හැකි බව පාසල් ගුරු සංගම් සදහන් කරනවා.
එමෙන්ම පුද්ගලික ණය හෝ ඔවුන්ට දැරිය නොහැකි ගනුදෙණු වළක්වා ගන්නේ කෙසේදැයි සිසුන්ට මෙමගින් ඉගෙන ගත හැකි බව සංගමය පෙන්වාදෙනවා.