Search

ලිංගික චෝදනා ප්‍රතික්ෂේප කරන ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ මාධ්‍යවේදියා

ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ මාධ්‍යවේදී Alan Jones ට එල්ල වී ඇති ලිංගික චෝදනා පදනම් විරහිත බව අධිකරණයට වාර්තා කර තිබෙනවා. 

ඔහුගේ නීතිඥ Bryan Wrench පවසා ඇත්තේ මාධ්‍යවේදියාට එරෙහි සාක්ෂිවල ඇතැම් චෝදනාවල පරස්පර විරෝධී ප්‍රකාශ ඇතුළත් බවයි.

ඇලන් ජෝන්ස් හට වින්දිතයින් 11 දෙනෙකු ලිංගිකව ස්පර්ශ කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී  තිබෙනවා.

2001 සහ 2019 අතර සිදු වූ බව කියන මෙම චෝදනා සම්බන්ධයෙන් මාස අටක විමර්ශනයකින් පසු පසුගිය නොවැම්බර් මාසයේදී ඔහු අත්අඩංගුවට ගනු ලැබුවා.

Alan Jones අද අධිකරණයේ පෙනී සිටීමෙන් නිදහස් කරන ලද අතර ජූලි 8 වනදා නඩුව නැවත අධිකරණයට ඉදිරිපත් කරන විට ඔහුගේ පැමිණීම අවශ්‍ය නොවනු ඇති.

ඊශ්‍රායෙල් අගමැතිගේ ඉල්ලීම ඇල්බනීස් ප්‍රතික්ෂේප කරයි

යුදෙව් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජබින් නෙතන්යාහු කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා. තවද ජාතික යුදෙව්

Read More »

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ගෝලීය අර්බුද හමුවේ ඔස්ට්‍රේලියා ව්‍යාපාරවලට සිදුවුදේ !

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »