Search

නිවසට ගිනි තබා දරුවන් ඝාතනය කල මවකට චෝදනා

මවක සිය දරුවන් ගිනි තබා මැරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් Queensland පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. 

Queensland හි  Toowoomba ප්‍රදේශයේ නිවසක් තුළ ඇති වූ ගින්නකින් ඇගේ දරුවන් තිදෙනාම මියගියා.

පසුගිය බදාදා අලුයම 12.30 ට පමණ ගින්න ඇති වන අවස්ථාවේ නිවස තුළ  පුද්ගලයින් හත් දෙනෙකු සිටියා.

ගිනි නිවන භටයින් ගින්න නිවා දැමීමෙන් පසු නව හැවිරිදි පිරිමි ළමයෙකුගේ මළ සිරුර සොයා ගනු ලැබුවා.

4 හැවිරිදි සහ 7 හැවිරිදි ගැහැණු දරුවන් දෙදෙනෙකු ක්වීන්ස්ලන්ඩ් ළමා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ 11 හැවිරිදි පිරිමි දරුවෙකු ගින්නෙන් සුළු තුවාල ලබා තිබෙනවා.

චෝදනා එල්ල වු කාන්තාව බරපතල තුවාල සහිතව පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පවසන්නේ.

මිනීමැරුම් චෝදනා තුනක්, මිනීමැරීමට තැත් කිරීම් තුනක් සහ ගිනි තැබීමේ චෝදනාවක් යටතේ කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.  

ඊශ්‍රායෙල් අගමැතිගේ ඉල්ලීම ඇල්බනීස් ප්‍රතික්ෂේප කරයි

යුදෙව් විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජබින් නෙතන්යාහු කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා. තවද ජාතික යුදෙව්

Read More »

ඇල්ගී ව්‍යප්තියෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ගේ බලපත්‍ර ගාස්තු ගැන තීරණයක්

දකුණු ඔස්ට්‍රේලියාවේ වෙරළ තීරය පුරා පැතිර යන අහිතකර ඇල්ගී පැතිරයාමෙන් බලපෑමට ලක්වූ ධීවරයන්ට පාලන ගාස්තු සහ බලපත්‍ර ගාස්තු අහෝසි කිරීම සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථා සලසා දී තිබෙනවා.

Read More »

ගෝලීය අර්බුද හමුවේ ඔස්ට්‍රේලියා ව්‍යාපාරවලට සිදුවුදේ !

ඔස්ට්‍රේලියා සමාගම්වල අලෙවිය සහ ලාභදායිත්වය තියුණු ලෙස ඉහළ ගොස් ඇතැයි ජාතික ඔස්ට්‍රේලියා බැංකු සමීක්ෂණයකින් හෙළිව තිබෙනවා.

Read More »

නොමිලේ පිළිකා පරීක්ෂණ ලබාගත හැකි වයස් සීමාවන් නිවේදනය කරයි

(ලියාපදිංචි විය හැකි වෙබ් පිටුව පහලින් දක්වා ඇත) පිළිකා පරීක්ෂණ වැඩසටහන් නොමිලේ ලබාගැනීම සදහා සුදුසුකම් ලැබිය හැකි වයස් සීමාවන් රජය විසින් හදුන්වා දී තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ

Read More »