
සුනඛ ධාවන තරඟ පවත්වන Bundaberg greyhound ධාවන පථය වැඩිදියුණු කිරීම සදහා ඩොලර් මිලියන 4 ක් යෙදවූ බව අමාත්‍ය Tim Mander මහතා ප්‍රකාශ කරනවා.
මාස 3 ක කාලයක් ඇතුලත සුනඛයින් 42 ක් තුවාල ලැබීම නිසා ධාවන පථය තාවකාලිකව වසා දමා තිබුනද නැවතත් එය ප්‍රතිසංස්කරණය කර භාවිතයට ගැනීමටයි තීරණය කර ඇත්තේ.
Bundaberg greyhound හී සභාපති Ricky Hazel මහතා සඳහන් කළේ තම සුනඛයින් තම පවුලේ කොටසක් සහ සුනඛයින් අනතුරට පත්වෙනවාට අකමැති නිසා මෙම තීරණයට යොමු වූ බවයි.

මෙම ක්ෂේත්‍රය මඟින් වාර්ෂිකව ඔස්ට්‍රේලියානු ආර්ථිකයට මිලියන 9.6ක ආදායමක් ලබාදෙනවා.
නිවාස සහ ජීවන වියදම් අර්බුදයක් මධ්‍යයේ රජය මහජන මුදල් මිලියන ගණනින් වියදම් කිරීම දැඩි විවේචනයට ලක්වී තිබෙනවා.
