
වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව ඇති තමන්ට සහන ලබාදෙන්නැයි වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවීන් රජයෙන් ඉල්ලීමක් කරනවා.
Metcalfe ප්‍රදේශය හා තවත් කලාප කිහිපයක ගොවීන් පානීය ජලය නොමැතිවීමෙන් අර්බුද රැසකට මුහුණ දී සිටිනවා.
Metcalfe හි බැටළු නිෂ්පාදක Duncan Barber [ඩන්කන් බාබර්] පැවසුවේ මෙම නියඟය වසර 40 කට පසු ඇති වු දරුණුතම නියඟය බවයි.

මෙතෙක් ඔවුන්ට වසර සඳහා ලැබී ඇත්තේ මිලි ලීටර් 40 ක වර්ෂාවක් පමණයි.
පසුගිය වසරේ නොවැම්බර් මාසයෙන් පසු මේ වනතෙක් ප්‍රදේශයට ප්‍රමාණවත් වර්ෂාවක් ලැබී නොමැති බවයි වාර්තා වන්නේ.

තම ගොවිපොලවල සතුන්ට ආහාර ලබාදීම ගැටලුවක් වී ඇති බව ගොවීන් පවසනවා.
ගොවිපොළවල තණබිම් ද විනාශ වී ගොස් ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.