
අතරමග නවතා දැමූ The Indian Premier League 2025 තරඟාවලිය මැයි මස 17 වනදා නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩාංගණ 6 කදී පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
පළමු තරගය මැයි මස 17 වන දින රොයල් චැලෙන්ජර්ස් බැංගලොර් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර පැවැත්වෙනු ඇති.

ඉන්දියාව සහ පකිස්ථානය අතර ඇතිවූ යුධ ගැටුම් හේතුවෙන් පසුගිය සිකුරාදා හදිසියේ ම තරඟාවලිය අත්හිටවනු ලැබුවා.
මේ හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන් ඇතුළු විදෙස් ක්‍රීඩාකයින් කිහිප දෙනෙකුට නැවත සිය මව් රට බලායාමට සිදුවුණා.

මේ අතර IPL සඳහා සහභාගී වන ඔස්ට්‍රේලියා ක්‍රීඩකයින්ට තරඟාවලියට සහභාගිවීම අනිවාර්ය කර නොමැති අතර සිය පෞද්ගලික තීරණයට අනුව ඊට සහභාගි විය හැකි බවයි ඔස්ට්‍රේලියා ක්‍රිකට් බලධාරීන් පවසන්නේ.
ඉන්දීය ප්‍රිමියර්ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ජුනි මස 3 වන දින පැවැත්වීමට නියමිතයි.