Search

වික්ටෝරියාව වඩාත් ම අරපිරිමැසුම් දායක ප්‍රාන්තය වෙයි!

ඔස්ට්‍රේලියාවේ වඩාත් ම අරපිරිමැස්මෙන් කටයුතු කරන ප්‍රාන්තයක් හෙළිවී තිබෙනවා.

පසුගිය මාස 12 තුළ මුදල් ඉතිරි කර ගැනීම සඳහා වික්ටෝරියා පාරිභෝගිකයින්ගෙන් සියයට 53 ක් සාමාන්‍ය වෙළඳ නාම වෙත යොමුවී ඇති බවයි වාර්තා වන්නේ.

වික්ටෝරියා පාරිභෝගිකයින් බහුතරයක් ජනප්‍රිය brand-name නිෂ්පාදනවලින් ඉවත් වී ඇතැයි දත්තවලින් හෙළිවී තිබෙනවා. 

දත්ත වාර්තාවට අනුව එක් එක් ප්‍රාන්තයන් හි සාමාන්‍ය වෙළඳ නාමයන්ට යොමුවී ඇති පාරිභෝගිකයින් සංඛ්‍යාව ක්වින්ස්ලන්ඩ් සහ බටහිර ඔස්ට්‍රේලියාවේ සියයට 48 බැගින් වනවා.

නිව්සවුත් වේල්ස් සියයට 47 ක් සහ දකුණු ඔස්ට්‍රේලියාව සියයට 46 ක් සාමාන්‍ය වෙළඳපොළට නැඹුරු වී ඇති බවයි වාර්තා වන්නේ..

එමෙන්ම වෙළඳපොළ සංසන්දනය කිරීමේදී ජනප්‍රිය brand-name වෙනුවට සමාන්‍ය වෙළඳ නාම වෙත යොමුවීමෙන් පාරිභෝගිකයින්ට සියයට 41 ක් දක්වා ඉතිරිකර ගත හැකි බවද සොයාගෙන තිබෙනවා.

සුපිරි වෙළඳසැල් හි ජනප්‍රිය brand-name සහිත භාණ්ඩ ඉතා ඉහළ මිල ගණන් සහිත වන අතර පාරිභෝගිකයින් සාමාන්‍ය වෙළඳ නාම සහිත භාණ්ඩ නැඹුරුවීමට හේතුව එය වනු ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වාදෙන්නේ.

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »