
ඔස්ට්‍රේලියා ඉතිහාසයේ ලිබරල් පක්ෂයට නායකත්වය දුන් පළමු කාන්තාව ලෙස Sussan Ley පත්ව තිබෙනවා.
ඒ අනුව Sussan Ley, Angus Taylor ට එරෙහිව ලිබරල් සන්ධානයේ නායකත්වය ජයග්‍රහණය කළා.
තියුණු තරඟයකින් පසු ඡන්ද 5 ක පරතරයකින් Sussan Ley ඉදිරියෙන් සිටියා.

1961 වසරේ නයිජීරියාවේ උපත ලැබූ Sussan Ley ගේ පියා බ්‍රිතාන්‍ය බුද්ධි අංශ නිළධාරියෙකු වන අතර පසුව සිය පවුල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාසය කර තිබෙනවා.
පසුව වයස අවුරුදු 13 දී ඇගේ පවුල ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති බවයි වාර්තා වන්නේ.

wool සහ beef වෙළඳාමට පෙර ඇය ගුවන් නියමුවරියක් මෙන්ම ගුවන් ගමනාගමන පාලකවරියක් ලෙස සේවය කර තිබෙනවා.
ඇය ප්‍රථම වරට 2001 වසරේදී Farrer මන්ත්‍රීවරියක් ලෙස තේරීපත් වූ අතර එතැන් සිට සිය ආසනය පවත්වාගෙන යනු ලැබුවා.
ඇය සන්ධාන රජයේ කාලවකවානුවේදී සෞඛ්‍ය අමාත්‍ය, වැඩිහිටි සත්කාර අමාත්‍ය, පරිසර අමාත්‍ය සහ ක්‍රීඩා අමාත්‍ය ඇතුළු අමාත්‍යංශ ගණනාවක ධූරයන් හොබවා තිබෙනවා.