ඩොලර් 1500 ක වැටුපක් සමග නොමිළයේ ගුවන් ගමන් හිමිවන රැකියා 4000 ක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන්

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය තුළ ඇති රැකියා පුරප්පාඩු 4000 ක් සම්පූර්ණ කිරීම සඳහා ප්‍රාන්ත රජය විසින් නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

‘Work in Paradise’ ලෙස නම් කර ඇති මෙමගින් සංචාරක ක්ෂේත්‍රයේ රැකියා සඳහා යොමු වන්නන්ට නොමිළයේ ගුවන් ගමන් මෙන්ම ඩොලර් 1500 ක පමණ වැටුපක්ද හිමිවනු ඇත.

සංචාර ක්‍රියාවට නංවන්නන්ට ඔවුන්ගේ පුරප්පාඩු සඳහා අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩල සොයා ගැනීමට ඇති අපහසුතා සළකා මෙම තීරණය ගත් බව ආණ්ඩුකාර Annastacia Palaszczuk සඳහන් කලාය.

https://twitter.com/AnnastaciaMP/status/1395097135951998978?s=20

පහත රැකියා සඳහා මෙලෙස අයදුම්පත් කැඳවා ඇති අතර ජූලි 01 වනදා සිට එම වැඩපිළිවෙල ආරම්භ කෙරේ.

  • Bartender
  • Cook
  • Kitchenhand
  • Tour guide
  • Chef
  • Wait staff

සියලු තොරතුරු https://workinparadise.initiatives.qld.gov.au/වෙබ් අඩවියෙන් ලබාගත හැකියි.

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල මණ්ඩපයක් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලාංකීය සිසුන්ට ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපන අවස්ථා ඉහළ නංවමින් ඔස්ට්‍රේලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලය (Flinders University) සිය විශ්වවිද්‍යාල මණ්ඩපයක් ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට ද සැලසුම් කර තිබෙනවා.

Read More »

ලිතියම් බැටරි ජීවිත 16ක් නැති කරයි

ලිතියම් බැටරි කිහිපයක් පුපුරා යාමෙන් පසු ඇති වූ දැවැන්ත ගින්නකින් දකුණු කොරියාවේ කම්හලක සේවයේ නිරතව සිටි පුද්ගලයන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Read More »

මෙල්බන්වල ක්‍රිකට් ලෝලීන්ට T20 තරග බලන්න සුපිරි ක්‍රීඩකයෙකුගෙන් අවන්හලක්

Amazon Prime Video සමාගම විසින් එහි සන්නාම තානාපති මෙන්ම ඔස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රීඩක Usman Khawaja සමග එක්ව මෙල්බන්හි Prime Cafe නමින් අවන්හලක් ආරම්භ කර තිබෙනවා.

Read More »

ලබන සතියේ සිට ඔස්ට්‍රේලියානුවන් අතට වැඩි මුදලක් ලැබෙන හැටි

තුන්වන අධියරේ බදු කප්පාදුවත් සමග ලබන සඳුදා සිට ඔස්ට්‍රේලියානුවන්ට වැටුප් වැඩි වීමකට සමාන ආකාරයෙන් වැඩි මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.

Read More »

තත්පරයකටත් අඩු කාලයකදී Rubik cube එකක් නිවැරදිව සකස් කර නව ගිනස් වාර්තාවක්

තත්පරයකටත් අඩු කාලයකදී Rubik’s cube එකක් නිවැරදිව සකසා ලෝක වාර්තාවක් පිහිටුවීමට ජපාන රොබෝ යන්ත්‍රයක් සමත්ව තිබෙනවා.

Read More »