Search

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 3 කට වාර්තාගත වියළි කාලයක්

වසරේ වාර්තාගත වියළි කාලයක් ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත 3 ට බලපා තිබෙනවා.

වික්ටෝරියාව සහ ටැස්මේනියාවේ ඇතැම් ප්‍රදේශවලට මේ වසරේ දැඩි නියඟයක් බලපා ඇති බවයි කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කළේ.

ඇල වේලි හිස් වී, කුඹුරු නිසරු වී ඇති බැවින්, ගොවීන් රජයේ හදිසි උපකාර ඉල්ලා සිටිනවා.

ටැස්මේනියාවේ ඇතැම් ප්‍රදේශවලට මේ වසරේ වාර්තාගත වියළි කාලගුණයක් තිබූ බවයි කාලගුණ විද්‍යාඥයින් පවසන්නේ.

එමෙන් දකුණු ඕට්‍රේලියාවේ මෙම වසරේ මුල් මාස 4 තුළ වාර්තාගත අඩුම වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.

1961 සිට 1990 දක්වා වාර්තා වූ දිගු කාලීන වියළි තත්වයක් 2025 ජනවාරි සිට අප්‍රේල් දක්වා ප්‍රාන්ත තුනේම ඇතැම් ප්‍රදේශවල වර්ෂාපතනය ශුන්‍ය ප්‍රතිශතයකින් පැවති බවයි කාලගුණ විද්‍යා සිතියමෙන් පෙන්නුම් කෙරෙන්නේ.

පසුගිය සතියේ නිකුත් කරන ලද කාලගුණ විද්‍යා කාර්යාංශයේ දිගුකාලීන අනාවැකියේ දැක්වෙන්නේ අගෝස්තු මාසය දක්වා වික්ටෝරියා හි alpine කලාපට අඩු වර්ෂාපතනයක් පුරෝකථනය කර ඇති බවයි.

එමෙන්ම වික්ටෝරියා, දකුණු ඕස්ට්‍රේලියාව සහ ටස්මේනියාව යන ප්‍රදේශවලට ද “අසාමාන්‍ය ලෙස ඉහළ” ශීත කාලගුණයක් ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් ඇති බවද කාලගුණ විද්‍යාඥයින්ගේ මතයයි.

ඔස්ට්‍රේලියාවට $ බිලියන ගණනක ආයෝජනයක්

ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇන්තනි ඇල්බනීස් හමුවීමට නියමිත G7 සමුළුවට සමගාමීව ඩොලර් බිලියන 20 ක ආයෝජනයක් ඔස්ට්‍රේලියාව සමඟ සිදු කිරිමට Amazon සමාගම එකඟ වී තිබෙනවා. ඇන්තනි

Read More »

විදුලි බිලේ වැඩිවීම ගැන පාරිභෝගිකයින් දැඩි කණස්සල්ලෙන්

ඔස්ට්‍රේලියානු පවුල් තුනෙන් එකක් පමණ ඔවුන්ගේ මෑත කාලීන විදුලි බිල්පතෙහි වැඩිවීම නිසා කනස්සල්ලෙන් සිටින බව Finder හි නව පර්යේෂණයකින් හෙළි වී තිබෙනවා. ඔවුන්ගේ වාර්තා අතර

Read More »

Second-hand EV මිලදී ගැනීමේදී වැදගත් වන කරුණක්

ඕස්ට්‍රේලියාවේ විදුලි වාහන (EV) භාවිතය වර්ධනය වන විට, බැටරි ආයු කාලය, නැවත විකිණීමේ වටිනාකම සහ දිගු කාලීන පිරිවැය පිළිබඳ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා. 

Read More »