Search

අගමැති ඇල්බනීස් රෝමයේ සංචාරයට සූදානම්

XIV වන ලියෝ පාප්වහන්සේ වෙනුවෙන් රෝමයේ පැවැත්වෙන පාප් පදවියේ දිවුරුම් දීමේ අවස්තාවට  අගමැති ඇන්තනි ඇල්බනීස්  සහභාගී වීමට නියමිතව තිබෙනවා.

පදවි ප්‍රාප්ති උත්සවයට තමාට ආරාධනා කර ඇති බවත්, ජකර්තා සිට රෝමයට සහ වතිකානු නගරයට ගමන් කළ හැකි වන පරිදි  කටයුතු කරමින් සිටින බවත් අගමැතිවරයා තහවුරු කර තිබෙන බවයි වාර්තා වුනේ.

මැයි 3 වන දින පැවති මැතිවරණයෙන් දෙවන වරටත් ජයග්‍රහණය කිරීමෙන් පසු ඔහුගේ පළමු ජාත්‍යන්තර සංචාරයේදී ඉන්දුනීසියානු ජනාධිපති ප්‍රබෝවි සුබියන්ටෝ (Prabowi Subianto) හමුවීමට ඇල්බනීස්  බදාදා ජකර්තා බලා පිටත්ව යනවා.

ඉන්පසු ඔහු රෝමයට යන අතර එහිදී ඉරිදා ශාන්ත පීතර චතුරශ්‍රයේ  XIV වන ලියෝ පාප්වහන්සේගේ දිවුරුම් දීමේ අවස්තාවට සහභාගී වීමට නියමිතයි.

“XIV වන ලියෝ පාප්වහන්සේගේ පදවි ප්‍රාප්ති උත්සවය යටතේ ඕස්ට්‍රේලියාවේ strong relationship with the Holy See  දිගටම පවත්වාගෙන යාමට තම රජය බලාපොරොත්තු වන බව අගමැති ඇන්තනි ඇල්බනීස් සදහන් කලා.

මෙම සංචාරය මගින් ලෝක නායකයින් රැසක් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අවස්ථාවක් ලැබෙන බව ඇල්බනීස් කියා සිටියා.

කැනඩාවේ නව අගමැති මාර්ක් කාර්නි ( Mark Carney )ඇතුළු ඔහු මීට පෙර හමු නොවූ නායකයින් හමුවීමට ඔහුට මෙහිදී අවස්ථාවක් ලැබෙනු ඇති.

මෙල්බන් වැසියන්ගේ එකමුතුව පෙන්වන අපුරු පුවතක්

වසර 103 ක් පමණ පැරණි පොත් සාප්පුවක් එහි නව ස්ථානයට ගෙන යාමට එහි ගණුදෙනුකරුවන් human chain එකක් ආධාරයෙන් සහයදීමේ අපූරු පුවතක් මෙල්බන් නගරයෙන් වාර්තා වනවා. 

Read More »

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »