Search

ඕස්ට්‍රේලියාවේ සුරතල් සතුන්ට නව නීති

ඕස්ට්‍රේලියාවේ ස්වදේශික වනජීවී සතුන්ට  Toll Domestic සහ Feral cats විසින් සිදු කරන හානිය හේතුවෙන්  සුරතල් සතුන් පාලනය කිරීමේ නීති හඳුන්වා දීමට බලදාරීන් සූදානම් වනවා.

Feral cats  ඕස්ට්‍රේලියාවේ වඩාත්ම ආක්‍රමණශීලී සත්ව විශේෂය බවට පත්ව ඇති අතර, ඔවුන්ගේ ජනගහනය පාලනය කිරීමට මේ දක්වා ගත් උත්සාහයන් සදහා ඩොලර් බිලියන 18 ඉක්මවා  වියදම් දරා තිබෙන බවයි වාර්තා වන්නේ.

බළලුන් විසින් වසරකට සතුන් බිලියන දෙකක් පමණ මරා දමන අතර , ඒ අතර  native mammals, birds, reptiles සහ frogs 1.4 ක් පමණ වන බවයි  ඕස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාල පර්යේෂණයකින් හෙළිව ඇත්තේ.

සිඩ්නි නගරයේ පමණක්,  සුරතල් බළලුන්  විසින්  දේශීය සතුන් මිලියන 66 ක් පමණ මරා දමන බවට ගණන් බලා තිබෙනවා.

මේ හේතුවෙන් Domestic සහ Feral cats පාලනය කිරීම සම්බන්ධයෙන් ජාතික වැඩපිලිවෙලක් අවශ්‍ය බව පරිසර ක්‍රියාකාරීන් පෙන්වා දෙනවා.

මෙම  සංඛ්‍යාලේඛන මගින් නිව් සවුත් වේල්ස් රජය තම සුරතල් සතුන් සඳහා වන නීති, විශේෂයෙන් සතුන් සීමා කිරීම සම්බන්ධයෙන් වන particularly cat management policies සමාලෝචනය කිරීමට පෙළඹී තිබෙනවා.

වත්මන් නීති යටතේ එහි ,  සුරතල් බළලුන්ට නිදහසේ සැරිසැරීමට ඉඩ සලසන අතර පළාත් පාලන ආයතනවලට බළලුන් සීමා කිරීමට  බලයක් ලබාදී නැහැ.

වික්ටෝරියා වැනි අනෙකුත් අධිකරණ බල ප්‍රදේශ බළලුන් සීමා කිරීමේ නීති ක්‍රියාත්මක කිරීමට councils වලට බලය පවරා ඇති අතර ඊට අදාල ACT මගින් භූමි ප්‍රදේශය පුරා බළලුන් සීමා කිරීම ද අනිවාර්ය කර තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ Feral cats පාලනය කිරීම සඳහා ඩොලර් බිලියන 18 කට වඩා වැය වී ඇති අතර, එමඟින් ඔවුන් රටේ වැඩිම වියදමක් දැරීමට සිදුවූ සත්ව විශේෂය බවට පත්ව තිබෙනවා.

 

 

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »