Search

VIDEO : කොවිඩ් වෛරසයට එරෙහිව ඕස්ට්‍රේලියාවෙන් බලාපොරොත්තුවක්

ලොව පුරා සීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරනු ලබන කොරෝනා වෛරසයයට නව බලාපොරොත්තුවක් එක් කිරීමට ඕස්ට්‍රේලියා විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇති බව මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පර්යේෂණාගාර තුළදී කොරෝනා වෛරසයට නිරාවරණය කරන ලද මීයන් ගේ පෙනහළු තුළ පවතින කොරෝනා වෛරසය සීයයට 99.9 ක් විනාශ කළ හැකි ප්‍රතිවෛරසයක් නිපදවීමට මෙම ඕස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබෙනවා.

දැනට පර්යේෂණ මට්ටමේ තිබෙන බව ප්‍රතිවෛරසය මගින් මිනිස් සිරුරේ පෙනහළුවල ඇති කොරෝනා වෛරසය සම්පුර්ණයෙන් විනාශ කිරීමේ හැකියාවක් ලැබෙනු ඇති බවයි එම විද්‍යාඥයින් විශ්වාසය පළකර සිටින්නේ.

Griffith සරසවියේ සෞඛ්‍ය විද්‍යාතනයේ විද්‍යාඥයින් පිරිසක් විසින් මෙම ප්‍රතිවෛරසය නිපදවා තිබෙනවා.

කොවිඩ් වෛරසය ආසාදනය වී දැඩිසේ අසාධ්‍ය වන පුද්ගලයින් සඳහා මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිතා කිරිමට බලාපොරොත්තු වන බවයි විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධීව සිටින්නන්ගේ වැඩිවීමක් ලාංකිකයන් 28 දෙනෙකුත් රැදවුම් භාරයේ

ඔස්ට්‍රේලියාව තුළ නීති විරෝධීව රැදී සිටින පුද්ගලයන්ගේ වර්ධනයක් මෙම වසරේදී පෙන්නුම් කරන බවට ස්වදේශ කටයුතු දෙපාර්තුමේන්තුව විසින් සදහන් කර තිබෙනවා.

Read More »

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »