Search

නිව්යෝර්ක් හා මෙල්බන් සමාන වෙයි ?

මෙල්බන් නගරය ඉතා වේගයෙන් වර්ධනය වන බැවින් වික්ටෝරියා අගනුවර ඉදිරියේදී නිව්යෝර්ක් නගරයට සමාන ජනගහනයක් සිටින මට්ටමකට පැමිනෙනු විශේෂඥයින් පෙන්වා දෙනවා.

2050 වන විට නගරයේ වාසය කිරීමට නියමිත මිලියන නවයකට අධික ජනතාවක් සඳහා සූදානම් වන්නේ කෙසේද යන්න සාකච්ඡා කිරීමට විශේෂ සාකච්චාවක්ද පවත්වනු ලැබුවා.

එය පවත්වනු ලැබුවේ ව්‍යාපාරික නායකයින් සහ දේශපාලනඥයින්ගේ ප්‍ර‍ධානත්වයෙන්.

විශේෂඥයින් පවසන්නේ මෑත වසරවලදී මෙල්බන් නගර‍යේ පදිංචිකරුවන් දැවැන්ත ලෙස වැඩිවීම සමඟ සාර්ථකව කටයුතු කිරීමට අරගල කරන බවයි.

තවත් මිලියන ගණනක් ඉදිරියේදී කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව සැක මතු වන බවද ඔවුන් පෙන්වා දෙනවා.

ජනගහන වර්ධනයේ දැවැන්ත අභියෝග සදහා ගතවන්නේ තවත් සුලු කාලයක් බව Australian Population Research Institute සභාපති Bob Birrell සදහන් කලා.

more congestion (වැඩිවන තදබදය), greater strain on infrastructure (යටිතල පහසුකම් සඳහා වැඩි පීඩනය), නිවාස සඳහා ඇති ඉල්ලුම ඉහළ යාම, ජීවන වියදම ඉහළ යාම සහ ජීවත්වීමේ හැකියාව පහත වැටීම යන සියල්ල ඉදිරියේදී සිදුවිය හැකි බව Dr. Bob Birrell අනතුරු අගවා සිටිනවා.

Australian Bureau of Statistics data අනුව, 2024 මූල්‍ය වර්ෂයේදී අගනගර ඒකාබද්ධව ජනගහණය 427,800 කින් වර්ධනය වූ අතර එය සියයට 2.4 ක වැඩිවීමක් වශයෙන් සැලකෙනවා.

මෙල්බර්න් නගරය මාස 12 ක් තුළ එහි ජනගහනයට පුද්ගලයින් 142,600 ක් එකතු කරමින් ප්‍රමුඛස්ථානය ගත් අතර, සිඩ්නි නගරයට 107,500 ක් එක්ව තිබෙනවා.

ඔබත් ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරනවා නම් මේ ගැනත් හිතන්න?

ඔස්ට්‍රේලියානුවන් ක්‍රෙඩිට් කාඩ්පත් වැරදි ලෙස භාවිතා කිරීමෙන් ඩොලර් බිලියන ගණනක ණය වීම් සිදුවන බවට විශේෂඥයින් පෙන්වාදෙනවා. 

Read More »

ඇල්ගී ව්‍යාප්තිය සම්බන්ධයෙන් ප්‍රාන්ත රජයකින් ඉල්ලිමක්

විෂ සහිත ඇල්ගී ව්‍යාප්තිය හේතුවෙන් බලපෑමට ලක්වූ ධීවරයින්ට සහාය ලබා දෙන්නැයි දකුණු ඔස්ට්‍රේලියානු රජය ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා. පසුගිය මාර්තු මාසයේ සිට පවතින ඇල්ගී ව්‍යප්තියෙන්

Read More »

බ්‍රිතාන්‍යයේ මැතිවරණ ප්‍රතිසංස්කරණ අනුගමනය කරන්න යන ඔස්ට්‍රේලියාව

ඔස්ට්‍රේලියාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිවන වයස අවුරුදු 18 සිට 16 දක්වා පහත දමන ලෙස ඉල්ලා Kooyong හී ස්වාධීන මන්ත්‍රී මොනික් රයන් විසින් නව පනත්

Read More »

විදෙස් සිසුන්ට වැඩ කළ හැකි පැය ගණන ගැන දැනුවත් කිරීමක්

ඕස්ට්‍රේලියාවේ subclass 500 student visas දරන විදේශීය සිසුන් සඳහා අවසර දී ඇති කොන්දේසි, පිරිවැය සහ වැඩ කරන වේලාවන් පිළිබඳ දැනුවත් කර තිබෙනවා. විදෙස් සිසුන්ට පාඨමාලාව

Read More »