
යුක්රේනයේ බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ පුණ්‍යායතනයක ස්වේච්ඡාවෙන් සේවය කළ ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු මිය ගොස් තිබෙනවා.
Prevail Together board නැමති පුණ්‍යායතනයක සේවය කරමින් සිටි ඔහු පුපුරණ ද්‍රව්‍යයක් අක්‍රිය කිරීමට කටයුතු කරමින් සිටියදී මියගොස් ඇති බවයි තහවුරු වී ඇත්තේ
පුණ්‍යායතනයේ නිර්මාතෘ බ්‍රිතාන්‍ය බෝම්බ නිශ්ක්‍රීය කිරීමේ විශේෂඥයෙකු වන Chris Swampy Garrett ද එහිදී මිය ගොස් තිබෙනවා.

තවත් පුද්ගලයෙකු සිද්ධියෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර අගමැති ඇන්තනී ඇල්බනීස් යුක්රේනයේදී මියගිය ඔස්ට්‍රේලියානු ජාතිකයාගේ පවුලට සිය ශෝකය පළ කර තිබෙනවා.

විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු සදහන් කර ඇත්තේ පවුලට consular සහාය ලබා දෙන බවයි.