Search

විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ඉවත්වන බවට දැනුම්දෙයි

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිළ වශයෙන් නිවේදනය කර තිබෙනවා.

 හිටපු නායකයා සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයෙකු වන ඔහු ලබන මාසයේ ආම්භවන එංගලන්තයට එරෙහි තරඟාවලියට පෙරයි මෙම සමුගැනීම ප්‍රකාශ කර ඇත්තේ.

2011 දී ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කළ විරාත් කෝලි ටෙස්ට් තරග 123කදී ශතක 30ක් සහ ලකුණු 9,230ක් ලබා ගෙන තිබෙනවා.

පසුගිය වසරේ බටහිර ඉන්දීය කොදෙව්හිදී ඉන්දියාව පන්දුවාර 20 ලෝක කුසලාන කුසලානය දිනාගත් පසු ඔහු විස්සයි 20 ජාත්‍යන්තර තරගවලින් සමුගත්තා.

කෝලි ඉන්දීය නායකත්වයේ සිටියදී සහභාගී වූ ටෙස්ට් තරග 68 න් 40 ක් ජයග්‍රහණය කරමින් වඩාත්ම සාර්ථක නායකයා බවට පත් වු අතර වැඩිම ටෙස්ට් ජයග්‍රහණ ලබා ගත් නායකයින්ගේ ලැයිස්තුවේ සිව්වන ස්ථානයේ රැදී සිටිනවා.

කෙසේවෙතත් කෝලි තවදුරටත් ඉන්දියාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග සඳහා ක්‍රීඩා කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා

 

 

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »