
අධික වේගයෙන් ධාවනය කරන මෝටර් රථ රියදුරන් සෙවීමට වික්ටෝරියා පොලිසිය ජාතික මාර්ග ආරක්ෂණ සතිය [National Road Safety Week] නමින් වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.
මැයි 11 වනදා ආරම්භ වු එය 18 දක්වා ක්‍රියාත්මකයි.
ප්‍රාන්තය පුරා මාර්ග ඉලක්ක කර ගනිමින් අතේ ගෙන යා හැකි වේග මිනුම් තුවක්කු සහ ස්වයංක්‍රීය රේඩාර් තාක්ෂණය මේ සදහා භාවිතා කරන බවයි වික්ටෝරියානු පොලිසිය පවසන්නේ.

අධික වේගය හේතුවෙන් මෙම වසරේ මරණ 30 කට අධික සංඛ්‍යාවක් වික්ටෝරියාවේ සිදුවී ඇති අතර 2024 දී මරණ 23 ක් වාර්තා වී තිබෙනවා.
රිය පැදවීමේ පුරුදු වල වැදගත්කම ඉස්මතු කිරීම සඳහා National Road Safety Week වැඩසටහනට දෛනික තේමාවන් ද ඇතුළත් කර ඇති බව වික්ටෝරියා පොලිසිය පවසනවා.
