Search

වික්ටෝරියාවේ stamp duty ගැන අලුත් ම තීරණය

වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස ගැටලුව අවසන් කිරීමේ නවතම පියවරක් රජය විසින් ගෙන තිබෙනවා.

වික්ටෝරියාවේ සැලැස්මෙන් බැහැර (off-the-plan) apartment, unit හෝ townhouse මිලදී ගන්නා ඕනෑම කෙනෙකුට මුද්දර ගාස්තු සහනය ලබාදීම දීර්ඝ කිරීමටයි  පියවර ගෙන ඇත්තේ.

පසුගිය වසරේ සැලසුමෙන් බැහැරව (off-the-plan) මිලදී ගත් සියලුම apartment, unit හෝ townhouse  සඳහා මුද්දර ගාස්තුව තාවකාලිකව කපා හැරීමට තීරණය කර තිබුණා.

2024 වසරේ ඔක්තෝම්බර් සිට 2025 ඔක්තෝම්බර් දක්වා ක්‍රියාත්මක වූ නමුත් මුද්දර ගාස්තු සහනය දීර්ඝ කිරීමටයි මෙවර වික්ටෝරියා රජය තීරණය කර ඇත්තේ.

ඒ අනුව සැලැස්මෙන් පිටත apartment, unit හෝ townhouse  සඳහා මුද්දර ගාස්තු අඩු කර ඇති බවයි වික්ටෝරියා රජය පවසන්නේ.

මූලික වියදම් කපා හැරීම, ඉදිකිරීම් වේගවත් කිරීම සහ සැලැස්මෙන් පිටත නිවාස මිලදී ගැනීම වඩාත් දැරිය හැකි මිලකට ලබා දීම මෙහි අරමුණ වනවා.

පළමු නිවාස ගැනුම්කරුවන්ට, සුදුසුකම් ලත් විශ්‍රාමිකයින්ට සහ හිමිකරු-පදිංචිකරුවන්ට පමණක් වූ සැලැස්මෙන් පිටත මිලදී ගැනීමේදී මුද්දර ගාස්තු සහනය මේ වනවිට ඕනෑම අයෙකුට ලබා ගත හැකි වීම සුවිශේෂී වනවා.

දේපළෙහි වටිනාකම් සීමාවන් ද ඉවත් කර ඇති බැවින් සහනය ඕනෑම වටිනාකමකින් යුත් apartment, unit හෝ townhouse  සඳහා ලබා ගත හැකි වනවා.

ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට

එක්සත් ජාතීන්ගේ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ නවතම වාර්තාවට අනුව ළමා අයිතිවාසිකම් වැඩියෙන්ම උල්ලංඝනය කළ රට බවට ඊශ්‍රායලයි පත්ව තිබෙනවා. ඊශ්‍රායලයට එරෙහිව ළමා අයිතිවාසිකම් උල්ලංඝනය

Read More »

ඔස්ට්‍රේලියා Airport එකක බෝවන රෝග අවදානමක්

සරම්ප රෝගයෙන් පෙළෙන සංචාරකයෙකු සිඩ්නි ජාත්‍යන්තර ගුවන්තොටුපළ හරහා ගමන් කර ඇති බව සෞඛ්‍යය අංශ අනතුරු අඟවා තිබෙනවා. මේ හේතුවෙන් ජූනි 16 වැනි සඳුදා උදෑසන 8ට

Read More »

ඔස්ට්‍රේලියාවේ බෝට්ටුවක තනිවූ සුනඛයින් 8 දෙනා

Gold Coast ප්‍රදේශයේ නැංගුරම් දමා ඇති නෞකාවක් තුළ සුනඛයින් 8 දෙනෙකු බැද දමා තිබෙනවා. මේ පිලිබඳව සත්ව අරක්‍ෂක සංවිධානයක් විසින් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි

Read More »