
Woolworths සිය නිෂ්පාදන සිය ගණනක භාණ්ඩ මිල මේ සතියේ අඩු කිරීමට තීරණය කර තිබෙනවා..
ඒ සම්බන්ධයෙන් පාරිභෝගිකයින්ට පෞද්ගලික පණිවිඩද යැවූ බවයි එහි ප්‍රධාන විධායක නිලධාරී Amanda Bardwell කියාසිටියේ.
ඒ අනුව නිෂ්පාදනයෙන් සියයට 10 ක මිල අඩු කිරීමක් සිදුකරන බව Woolworths ප්‍රධාන විධායකවරිය පැවසුවා.

මිල පහත වැටීම සඳහා වෙන් කර ඇති අයිතම අතර පාන්, පාන් පිටි, සහල්, nappies, chicken schnitzels සහ dishwasher pods ඇතුළත්.
මෙම වට්ටම මැයි 14 වන බදාදා දින සිට ආරම්භ වන අතර Woolworths සන්නාමය සහිත සහ අනෙකුත් අයිතම ඇතුළුව නිෂ්පාදන 400 කට ආසන්න සංඛ්‍යාවක මිල අඩු කරන බවයි Amanda Bardwell කියාසිටියේ.

එම මිල ගණන් අවම වශයෙන් ලබන වසර සඳහාත් පවතිනු ඇති බව ඇය සඳහන් කළා.
ඒ අනුව සතිපතා ඩොලර් 150 ක් වියදම් කරන පවුල්වලට දැන් වට්ටම් සහිත නිෂ්පාදන මිලට ගැනීමෙන් සතියකට ඩොලර් 15 ක් පමණ ඉතිරි කර ගත හැකි බවයි ප්‍රධාන විධායක නිලධාරීවරයා වැඩිදුරටත් කියාසිටියේ.