Search

දරුවන්ගේ පිළිකා අවදානම වැඩි කරන ගෘහ උපකරණ

ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණයකින් සොයාගෙන ඇත්තේ ඉහළ භාවිතයක් සහිත ගෑස් උදුන්  ප්‍රමාණවත් වාතාශ්‍රයක් නොමැති නිවාසවල තිබීමෙන් පිළිකා අවදානම සැලකිය යුතු ලෙස වැඩි වන බවයි.

එවන්  නිවාස හිමියන් විදුලි උදුන් වෙත මාරු වීම සම්බන්දයෙන් සලකා බැලිය යුතු බවයි පර්යේශකයින් පෙන්වා දෙන්නේ.

මෙමගින් වැඩිහිටියන්ට වඩා දෙගුණයකින් පමණ ළමුන් තුළ පිළිකා අවදානම වැඩි කරන බවද නව අධ්‍යයනය මගින් අනාවරන වී තිබෙනවා.

පෙට්‍රල්, සිගරට් දුම සහ තීන්ත ඉවත් කරන ද්‍රව්‍ය වල අඩංගු විෂ සහිත ද්‍රව්‍යයක් වන බෙන්සීන් පිළිකා කාරකයක් ලෙස හඳුනාගෙන ඇති අතර, එය පිළිකා ඇති කළ හැකි ද්‍රව්‍යයක් බවයි හෙලි වී තිබුනේ.

බෙන්සීන් මට්ටම් ඉහළ යාම හේතුවෙන් දිගුකාලීනව ලියුකේමියාව සහ විවිධ රුධිර පිළිකාහටගන්නා තත්වයන්ද පවතින බවද සමීක්ශකයින් පෙන්වා දෙනවා.

ඕස්ට්‍රේලියාවේ ගෑස් උදුන් සඳහා රට පුරා තහනමක් නොමැති වුවද  ඇතැම් ප්‍රාන්ත නිවාසවල ගෑස් සම්බන්ධතා සීමා කිරීමට මෙන්ම ක්‍රමයෙන් ඉවත් කිරීමට පටන් ගෙන තිබෙනවා.

එයට හේතුව environmental concerns සහ greenhouse gas emissions අඩු කිරීම සදහා ජනතාව උනන්දු කරවීමයි.

වික්ටෝරියානු රජය 2024 ජනවාරි සිට නව නිවාස සඳහා නව ගෑස් සම්බන්ධතා ක්‍රමයෙන් ඉවත් කිරීම ආරම්භ කළ අතර, 2023 දෙසැම්බර් මාසයේදී ACT (Australian Capital Territory)ද එම ක්‍රියාවම සිදු කරනු ලැබුවා.

 

 

 

 

මැලේසියාවේ විශාලතම දූෂණ නඩුවේ මහ මොළකරුට ඔස්ට්‍රේලියා passport එකක්

මැලේසියාවෙන් පළාගිය මහා පරිමාණ දූෂණ සැකකරුවෙකු චීනයේ ජීවත් වෙමින් ව්‍යාජ ඕස්ට්‍රේලියානු විදේශ ගමන් බලපත්‍රයක් භාවිතා කරන බවට තොරතුරු හෙළිවී තිබෙනවා.

Read More »