
නිව් සවුත් වේල්ස් Mid North Coast ප්‍රදේශයේදී ඩොලර් මිලියන 600 කට වඩා වටිනා කොකේන් තොගයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කොකේන් තොගය ටොන් එකකට අධික බරකින් යුත් බවයි පොලීසිය සදහන් කලේ.
Coast of Nambucca සිට නාවික සැතපුම් නවයක් පමණ දුරින් තිබියදීයි නිලධාරීන් විසින් නෞකාව අත්අඩංගුවට ගෙන තිබුනේ.

ඔවුන් කොකේන් ඇසුරුම් 1,000 කට වඩා සොයා ගෙන තිබෙන අතර ඇස්තමේන්තු කර ඇත්තේ මත්ද්‍රව්‍යවල වීදි වටිනාකම ඩොලර් මිලියන 623 ක් වන බවයි.
එහි මාත්‍රා මිලියනයකට වඩා තිබෙන බවද නිලධාරීන් ඇස්තමේන්තු කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය සම්බන්දයෙන් තවදුරටත් විමර්ශනය කරමින් පවතින බවයි පොලිසිය පැවසුවේ.