
Queensland රජය චීනය සමග වෙළඳ මෙහෙයුමක් මේ සතියේ ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.
ප්‍රධාන සබඳතා නැවත ගොඩනැංවීම සහ වැදගත් ආර්ථික වෙළඳපොළක් තුළ රාජ්‍යයේ පැවැත්ම පුළුල් කිරීම අරමුණු කර ගනිමිනුයි මෙම වෙළඳ මෙහෙයුම ආරම්භ වන්නේ.
මේ සදහා Queensland වෙළඳ අමාත්‍ය Ros Batesගේ නායකත්වයෙන් යුත් නියෝජිත පිරිසක් ෂැංහයි, හොංකොං සහ ෂෙන්සෙන් වෙතද යාමට නියමිතව තිබෙනවා.

වාණිජ හා අධ්‍යාපන අංශයේ ප්‍රතිඵල ඉහළ නැංවීම අරමුණු කරගත් ඉහළ මට්ටමේ රැස්වීම් මාලාවක් සඳහා සහභාගී වීම සදහායි ඔවුන් මෙම සංචාරය සිදු කරනු ලබන්නේ.
වසර පහකට පසුව සිදුවන සංචාරය මගින් , ආසියාවේ විශාලතම ආහාර, පාන වර්ග සහ hospitality trade shows වෙළඳ ප්‍රදර්ශනවලින් එකක් වන හොංකොං HOFEX 2025 සදහා Queensland නැවත පැමිණීම සනිටුහන් කරනු ලබනවා.

මෙම ප්‍රදර්ශනයට ජාත්‍යන්තර ප්‍රදර්ශකයින් 1200 කට අධික සංඛ්‍යාවක් සහභාගී වන අතර ගැනුම්කරුවන් 30,000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වීමට නියමිතයි.
චීනය Queensland හි විශාලතම වෙළඳ හවුල්කරුවා වන අතර, පසුගිය වසරේ පමණක් ඩොලර් බිලියන 43 කට වඩා වැඩි වෙළඳාමක් දෙරට අතර සිදු කර තිබෙන බවද Queensland වෙළඳ අමාත්‍ය Ros Bates සදහන් කලා,