
15 හැවිරිදි තරුණයෙකු ආයුධ සමග AFL තරඟයක් නැරඹීම සදහා මෙල්බන් හී Marvel ක්‍රීඩාංගනයට ඇතුළු වීමට උත්සහ කර තිබෙනවා.
ඔහු සතුව ටිකට් පතක් නොමැති බව පැහැදිලි වූ විට අසල සිටි නිලධාරීන් ඔහුව පරීක්ෂා කර ඇති අතර එහිදී පිහියක් සහ ව්‍යාජ ගිණිඅවියක් සොයාගත් බව පොලිසිය පවසා සිටියා.
තරුණයා ක්‍රීඩාංගනයට ඇතුළු වීමට ඉඩ ලබා නොදුන් බවයි පොලිසිය ප්‍රකාශ කර සිටියේ.

මෙම ක්‍රියාව සම්බන්දව ඔහුට පොලිසියෙ විසින් අවවාදයක් නිකුත් කර තිබෙනවා.
මීට පෙර අවස්ථාවකදීද මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයකට ගිණිඅවි සමග අතුළු වූ පුද්ගලයින් දෙදෙනෙක්ව පොලීසිය විසින් අත්තඩංගුවට ගනු ලැබුවා.
