
තුර්කි සංචාරයක් අතරතුරදී රුසියානු ජනාධිපති යුක්රේනය සමඟ සෘජු සාම සාකච්ඡා ආරම්භ කිරීමට කැමැත්ත පළ කර තිබෙනවා.
දීර්ඝ කාලයක සිට රුසියාව සටන් විරාමයක් සඳහා වූ ඉල්ලීම් සහ සම්බාධක ප්‍රතික්ෂේප කලද වසර තුනකට පසු ඒ සදහා එකගතාව පළකර ඇති බවයි වාර්තා වන්නේ.
ඇමරිකාව ඇතුළු යුරෝපීය බලවතුන් දින 30ක සටන් විරාමයක් සඳහා යුක්‍රේනය ගෙන තිබූ යෝජනාවට සහය දීමෙන් පසු පුටින් මෙම යෝජනාව සිදුකර තිබෙනවා.

වසර තුනක සිට ක්‍රියාත්මක වන යුද්ධය නිසා ලක්ෂ 5 ක් පමණ ජීවිත හානි සිදුවී ඇති අතර ලක්ෂ 37 කට ආසන්න ජනතාවක් අවතැන් වී සිටිනවා.
මෙම යෝජනාව සදහා යුක්‍රේනය තවමත් ප්‍රතිචාර දක්වා නැති බවයි වාර්තා වන්නේ.
