
බටහිර ඔස්ට්‍රේලියාවේ Quobba blowholes වෙත පිවිසෙන පුද්ගලින් සදහා නව ගාස්තු අය කිරීමක් සිදුකරන බව Carnarvon නගර සභාව විසින් තීරණය කර තිබෙනවා.
camping සදහා දිනකට ඩොලර් 30ක් සහ එක් දිනයකට ඇතුලත් වීමේ ගාස්තු ලෙස ඩොලර් 10 ක මුදලක් අය කරන බව නගර සභාපති Eddie Smith කියා සිටියා.
නව ගාස්තු අය කිරීමේ අරමුණ, Blowholes ආශ්‍රිත පහසුකම් හොඳින් පවත්වාගෙන යාම හා පරිසරය රැක ගැනීම බවයි ඔවුන් සදහන් කර සිටියේ.

Blowholes ස්ථානය Carnarvon ප්‍රදේශයේ ජනතාවගේ ජීවිතයට වැදගත් සංචාරක නැරඹුම් ස්ථානයක් වන අතර සංචාරකයන් පිරිසක් කියා සිටියේ camping ඔස්ට්‍රේලියාවේ ජීවන රටාවක් වන බවත් එය ඉදිරියටත් නොමිලේ අවශ්‍ය බවත්ය.
මෙලෙස ගාස්තු වැඩියෙන් අය කිරීමක් සිදුකලහොත් සංචාරකයන් අඩු වී තම ව්‍යාපාර අවධානමකට ලක්වන බව Blowholes ප්‍රදේශයේ ආහාර වාහනයක හිමිකරුවෙකු පවසා තිබෙනවා.

2014 සිට 2036 කාලසීමාව සදහා Blowholes Reserve කළමනාකරණ සැලැස්මක් ද සකස් කර ඇති අතර නව ගාස්තු අය කිරීම් මැයි 22 සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.