
නුවරඑළිය රම්බොඩ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 21 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බස් රථයේ රියදුරු ඇතුළු මගීන් 40කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි කොත්මලේ පොලීසිය පැවසුවා.
ඔවුන් කොත්මලේ, නුවරඑළිය සහ නාවලපිටිය රෝහල් වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඉන් වැඩිපිරිසකගේ තත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.

බස් රථය ඉහළට ගැනීම දැඩි අසීරුවී ඇති බවද සඳහන්.
සිද්ධිය සම්බන්ධව කොත්මලේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
