
ක්වින්ස්ලන්ඩ් හි Moreton Bay රථගාලක සිදුවූ දරු ප්‍රසූතියකදී කාන්තාවක් බේරාගැනීමට පොලිස් නිළධාරීන් දෙදෙනෙකුට හැකිවී තිබෙනවා.
පසුගිය මාර්තු මස පළමු වනදිනයේදීයි මෙම දරු ප්‍රසූතිය සිදුව ඇත්තේ.
පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා රාජකාරී ස්ථානයට ගමන්කරමින් සිටින අතරතුර මෙම සිද්ධිය දැක තිබෙනවා.

කාන්තාවට රෝහලට යාමට තරම් ප්‍රමාණවත් කාලයක් නොමැති විට යුවළ පොලිස් රථගාලට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
පොලිස් නිළධාරීන් Triple Zero (000) හදිසි ඇමතුම් සේවා ක්‍රියාකරුවෙකුගේ සහය ලබාගනිමින් මිනිත්තු 5 ක් ඇතුළත Julie ට පිරිමි දරුවෙකු ප්‍රසූත කිරීමට සහය ලබාදී තිබෙනවා.

Julie සහ Nathaniel ගේ පුත් Blake අනපේක්ෂිත ලෙස රථගාල මැද සෞඛ්‍ය සම්පන්නව ලෝකයට බිහිවුණා.
මෝටර් රථයේ පසුපස තිබී හමුවූ තුවායකින් දරුවා එතීමෙන් පසු පරිපූරක වෛද්‍යවරුන් එම ස්ථානයට පැමිණ තිබෙනවා.
පොලිස් නිළධාරීන් දෙදෙනා මාධ්‍යයට කියාසිටියේ සිය රාජකාරිය විවිධ ඇමතුම් සමග සෑම දිනකම වෙනස් සිද්ධීන්වලට මුහුණ දෙන බවයි.
මාස 2 කට පසු Nathaniel පවුල පොලිස් නිළධාරීන් දෙදෙනාට ස්තූති කිරීමට එම රථගාලට නැවත පැමිණ තිබෙනවා.