
ටස්මේනියාවේ Travellers Rest හි Bass අධිවේගී මාර්ගයේ සිදුවූ හදිසි අනතුරකින් ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
Devonport හි පදිංචි 28 හැවිරිදි තරුණයා ඊයේ රාත්‍රියේදී මාර්ගයේ ගමන් කරමින් සිටියදීයි මෙම අනතුරට මුහුණදී ඇත්තේ.
බටහිර දෙසට ගමන් කළ Mercedes Benz රථයක් විසින් අනතුර සිදුකර තිබෙනවා.

අනතුරෙන් ශ්‍රී ලාංකිකයා එම ස්ථානයේදීම මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.
අනතුරෙන් පසු Mercedes Benz රථයේ රියදුරු මත්ද්‍රව්‍ය හා මධ්‍යසාර පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.

පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර dash cam හෝ cctv දර්ශන සහිත ඕනෑම අයෙකුට Northern Crash Investigation අමතන ලෙසයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.