
ඉන්දියාව සහ පාකිස්තානය සිය යුද ගැටුම් නැවැත්වීමට එකඟත්වය පලකර තිබෙනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබුනේ අමරිකාවේ මැදිහත්වීමෙන් පැවති සාකච්ඡාවලින් පසු ඉන්දියාව සහ පාකිස්තානය පූර්ණ හා ක්ෂණික සටන් විරාමයකට එකඟ වූ බවයි.
‘Truth Social’ සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබුනා.

අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ සිය X ගිණුමේ සටහනක් තබමින් සදහන් කලේ ඉන්දියාව සහ පාකිස්තානය ක්ෂණික සටන් විරාමයකට එකඟ වූ බවයි.
ඔවුන් සිට ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව එම සටහනේ දැක්වුනා.

සාමයේ මාවත තෝරා ගැනීමේදී අගමැති මෝදි සහ ෂරීෆ්ගේ ප්‍රතිපත්ති පිළිබඳව ඔවුන්ට ප්‍රශංසාකරන බවද ඔහු තම සටහනෙන් දක්වා තිබුනා.
පාකිස්තාන නියෝජ්‍ය අගමැති ඉෂාක් ඩාර් ද පවසන්නේ පාකිස්තානය සහ ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයකට එකඟ වූ බවයි.
මෙම සටන් විරාමය තහවුරු කල ඉන්දිය ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පවසා ඇත්තේ සියලු ගොඩබිම්, ගුවන් සහ මුහුදු ප්‍රහාර ඇතුළු පාකිස්තානයට එරෙහි සියලු ප්‍රහාර නවතා දමන බවයි .