Search

අවදානමක් නිසා Baby bottle warmer වර්ගයක් නැවත කැදවයි

රට පුරා අලෙවි කරන ජනප්‍රිය නිෂ්පාදනයක් වන Cherub Baby Anywhere Warmer නිෂ්පාදන යලි කැදවා තිබෙනවා.

අධික ලෙස රත් වී ගිනි ගැනීමට ඉඩ ඇති බවට ඇති බිය හේතුවෙනුයි එම නිශ්පාදන යලි කැදවා ඇත්තේ.

Baby Bunting, Myer Marketplace Online , Cherub’s  website මගින් මෙය අලෙවි කර තිබුණා.

Heating සමඟ ගැටළු ඇති බව අනාවරණය වීමෙන් පසුවයි  ඔස්ට්‍රේලියා පාරිභෝගික ආරක්ෂණ ආයතනය නිෂ්පාදනය සඳහා අනතුරු ඇඟවීම නිකුත් කරනු ලැබුවේ.

ඔවුන් පෙන්වා දෙන්නේ අධික ලෙස රත් වී ගිනි ගැනීමක් සිදු වුවොත් බරපතල තුවාල සිදුවීමේ අවදානමක් පවතින බවයි.

නිවේදනයක් නිකුත් කරමින් Cherub Baby පැවසුවේ ඔවුන්ගේ සුදු පැහැයෙන් යුත් Anywhere Warmer Pro නැවත කැඳවන බවත් පාරිභෝගිකයින් bottle warmer  එකෙහි තිබෙන නිෂ්පාදන ලේබලය සොයා බලා එය “CHWRBOTTLEPRO” එකක් දැයි බැලිය යුතු බවයි. 

 Cherub Baby පාරිභෝගිකයින්ට නිෂ්පාදනය භාවිතා කිරීම නවතා බෝතලය නොමිලේ ආපසු ලබා දෙන ලෙස දන්වා තිබෙනවා.

චෙරුබ් බේබි නැවත කැඳවීමේ පිටුවේ සඳහන් වුනේ ඔබට කිසිදු වියදමක් නොමැතිව වහාම Warmer අපට ආපසු එවන ලෙසයි.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »