
Ham සහ Salad Sandwiches සඳහා වන දැන්වීම් දකුණු ඕස්ට්‍රේලියානු බස් රථ සහ දුම්රියවල තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.
ජූලි 1 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිත මෙම තහනම ක්‍රියාත්මක කිරීමටයි බලධාරීන් තීරණය කර ඇත්තේ.
ළමා හා වැඩිහිටි තරබාරුකම අඩු කිරීමේ නව පියවරක් ලෙසයි , දකුණු ඕස්ට්‍රේලියාවේ පොදු ප්‍රවාහන සේවාවල Ham සහ Salad Sandwiches සඳහා වන දැන්වීම් තහනම් කිරීමට තීරණය කෙරුනේ.

චොකලට්, රසකැවිලි, අතුරුපස, අයිස්ක්‍රීම්, සිසිල් බීම සහ චිප්ස් සියල්ලම සැකසූ මස් සමඟ ප්‍රදර්ශනය කිරීම තහනම් වන අතර, ළමයින් සෞඛ්‍යයට අහිතකර ආහාර සහ පාන වෙළඳ දැන්වීම්වලට නිරාවරණය වීම සීමා කිරීම මෙම තහනමේ අරමුණ වී තිබෙනවා.
කෙසේවෙතත් Australian Association of National Advertisers මෙම තීරණයට විරෝදය පල කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ මෙය නිවැරදි තීරනයක් නොවන බවයි.
රජය පෝෂණ විද්‍යාවට අනුකූල නොවන තහනම් කිරීම් නොව සාක්ෂි මත පදනම් වූ තීරණ ගත යුතු බවයි ඔවුන් සදහන් කරන්නේ.