
විශාල පිරිසක් වූ කතෝලිකයින් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන ලෙස XIV වන ලියෝ පාප් වහන්සේට ආරාධනා කර තිබෙනවා.
අගමැති ඇන්තනි ඇල්බනීස් විසිනුයි මෙම ආරාධනාව සිදු කර ඇත්තේ.
ලොව පුරා සිටින දස දහස් සංඛ්‍යාත කතෝලිකයන් ආකර්ෂණය කර ගැනීම සඳහා 2028 දී සිඩ්නි නුවර පැවැත්වෙන ජාත්‍යන්තර සත්ප්‍රසාද සම්මේලනය සඳහා සහභාගී වන ලෙසයි අගමැති ඇන්තනි ඇල්බනීස් පාප් වහන්සේට ආරාධනා කර තිබෙන්නේ.

මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් අගමැතිවරයා කියා සිටියේ XIV වන ලියෝ පාප් වහන්සේගේ පාප් පදවිය සියලු මනුෂ්‍ය වර්ගයාට සාමය හා සමාජ යුක්තිය සඳහා වූ අරමුණ ඉදිරියට ගෙන යාමට හැකිවේවායි ප්‍රාර්තනා කරන බවයි.
2008 දී ලෝක තරුණ දිනය සඳහා XVI වන බෙනඩික්ට් පාප් වහන්සේ සිඩ්නි නුවරට පැමිණීමෙන් පසු යලිත් පාප්වහන්සේ කෙනෙකුගේ පැමිණීමක් ඔස්ට්‍රේලියාවේ මෙතෙක් සිදුව නැහැ.
