
ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු මාරාන්තික මිසයිල ප්‍රහාරයකින් බේරී තිබෙනවා.
IPL සහ PSL තරගාවලි දෙකම තාවකාලිකව අත්හිටුවීමෙන් පසු ක්‍රීඩකයන් ඕස්ට්‍රේලියාවට කඩිනමින් ආපසු පැමිණීමට සැලසුම් කර තිබුණා.
PSL ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් සුරක්ෂිතව පකිස්තානයෙන් ඉවත් වි තිබෙනවා.

පකිස්තානු ක්‍රිකට් මණ්ඩලය විසින් සංවිධානය කළ charter ගුවන් යානයකින් ඔවුන් ඉස්ලාමබාද් සිට ඩුබායි වෙත ගෙන ගියා.
IPL තරගාවලියට සහභාගී වූ ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් පිටත් වූ ගුවන් හමුදා කඳවුරට ඉන්දීය හමුදාව විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ ඔවුන් පිටත් වී මද වේලාවකට පසුවයි.

ඉස්ලාමාබාද් සිට කිලෝමීටර 10 ක් පමණ දුරින් පිහිටි කදවුර වෙත එල්ල වූ ප්‍රහාරයෙන් පිපිරීම් සහ ගිනිගැනීම් ඇති වූ බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.