
වික්ටෝරියා හි Geelong අසල බෝට්ටුවක් පෙරලී ගොස් තිබෙනවා.
එහි සිටි පුද්ගලයින් තිදෙනෙකු බේරාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.
ඔවුන් Barwon Heads හි මසුන් ඇල්ලීමේ නිරතව සිට තිබෙනවා.

වික්ටෝරියා පොලිසිය පැවසුවේ ඒ අවස්ථාවේ ඔවුන්ගෙන් එක් අයෙක් පමණක් ජීවිතාරක්ෂක කබා පැළඳ සිටි බවයි.
පොලිස් ගුවන් අංශය සහ වික්ටෝරියා ජීවිතාරක්ෂක ස්වේච්ඡා සේවකයින් ඔවුන් බේරාගෙන රෝහල්ගත කර තිබෙනවා.
