
Canberra රෝහලේ කාන්තා සේවිකාවකට හිරිහැර කිරීම සම්බන්ධයෙන් එම රෝහලේම සේවකයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.
සන්තෝෂ්රෙඩ්ඩි කම්බම් නැමැති මෙම පුද්ගලයා රෝහලේ තාක්ෂණ පද්ධතිය භාවිතා කරමින් එම කාන්තාවට මරණ තර්ජන සහිත පණිවිඩ යවා ඇති බවයි වාර්තා වන්නේ.
බෙල්කොනන් ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

රෝහල් සේවිකාව පිළිබදව විකෘති ආශාවන් ඔහුට තිබී ඇති අතර ඇය ඒවා ප්‍රතික්ශේප කල නිසා මරණ තර්ජන එල්ල කර ඇති බවයි අධිකරණය පෙන්වා දෙන්නේ.
ඔහුගේ නීතිඥවරයා අධිකරණයට ඇප ඉල්ලීමක් කළ අතර ඔහුට පෙර අපරාධ ඉතිහාසයක් නොමැති බවද පවසා තිබෙනවා.

ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කල මහේස්ත්‍රාත් ග්ලෙන් තීක්ස්ටන් පැවසුවේ මෙම තර්ජනය බැරෑරුම් ලෙස සලකන බවයි.
ඒ අනුව මෙම මස අවසානයේ ඔහු නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.