
What Were You Wearing යන සංවිධානයක් විසින් කාන්තා හිංසනය නතර කරන ලෙස ඉල්ලා ඔස්ට්‍රේලියාවේ නගරවල විරෝධතා රැසක් පවත්වා තිබෙනවා.
විවිධ වයස් කාණ්ඩ වල පුද්ගලයින් විරෝධතාවයට සහභාගී වු අතර Brisbane,Melbourne සහ Canberra යන නගර මූලික කරගනිමින් විරෝධතා ආරම්භ වි ඇති බවයි වාර්තා වන්නෙ.
ප්‍රචණ්ඩත්වය හේතුවෙන් ඝාතනයට ලක්වී ඇති කාන්තාවන් 100 කට වැඩි පිරිසකගේ නම්, පින්තූර සහ කලාත්මක රූප විරෝධතාකරුවන් විසින් ප්‍රදර්ශනය කර තිබෙනවා.

මෙම ගැටලුවට ක්‍රියාමාර්ග ලෙස ඔවුන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේ, ප්‍රචණ්ඩත්වය වළක්වා ගැනීම සදහා උදව් ලබාගත හැකි ආයතන සඳහා රජයේ ආයෝජන වැඩි කිරීමත්, පැමිණිලි සම්බන්දව කටයුතු කිරීම සදහා පුහුණු නිළධාරීන් පත් කරන ලෙසත්ය.
මෙම ගැටලු වලට විසදුම් ලැබෙන තෙක් විරෝධතා පවත්වන බව විරෝධතාකරුවන් ප්‍රකාශකර සිටියා.
