Search

14 වන ලියෝ පාප් වහන්සේ පළමු දිව්‍ය පූජාව පවත්වයි

ප්‍රථම උතුරු ඇමරිකානු පාප් වහන්සේ වන 14 වන ලියෝ පාප් වහන්සේ සිස්ටයින් දේවස්ථානයේ සිය ප්‍රථම දිව්‍ය පූජාව පවත්වා තිබෙනවා.

තම පත්කිරීම තුළින් ලෝකයේ  අඳුරු රාත්‍රි වලට ආලෝකයක් ගෙන ඒමට කතෝලික දේව සභාවට උපකාර කිරීමට බලාපොරොත්තු වන බව පාප් වහන්සේ ප්‍රකාශකර සිටියා.

පාප් තුමන් ඉංග්‍රීසි භාෂාවෙන් කාදිනල්වරුන් අමතමින් කතෝලික ඇදහිල්ල ව්‍යාප්ත කිරීම සඳහා ඔවුන්ගේ සහය ඉල්ලා තිබෙනවා..

එතුමන්ගේ පළමු අදහස් දැක්වීමේදි ඉතාලි සහ ස්පාඤ්ඤ භාෂාවෙන් කතා කිරීමෙන් පසු ප්‍රසිද්ධියේ ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශ කළ පළමු අවස්ථාව මෙය ලෙසයි වාර්තා වන්නේ.

ඇමරිකාවේ සිටින පුද්ගලයන්ට පාප් ධූරය දැරීම අනුමත වී නොමැති අතර මෙවර එය වෙනස් වී තිබෙනවා.

පළමු ඔගස්ටිනියානු පාප් වහන්සේ වන එතුමාගෙ පළමු විදේශ ගමන තුර්කිය වෙත විය හැකි බව වතිකාන මාධ්‍ය දන්වා තිබෙනවා.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »