Search

වික්ටෝරියාවේ Taxi රියදුරන්ට නව නීති

වික්ටෝරියා ප්‍රාන්තයේ Taxi රියදුරන්ට නව නීති හදුන්වාදීමට රජය සූදානම් වනවා

Taxi රියදුරන් කිහිප වතාවක්ම ගාස්තු වෙනස් කරමින් මගීන්ට වංචා කරන බව අනාවරණය විමෙන්  පසුවයි මෙම නව නීති හඳුන්වාදීමට පියවර ගෙන ඇත්තේ.

කුලී රථයේ QR කේතයක් අනිවාර්යෙන් තිබිය යුතු අතර වාහනයේ පටිගත වන වීඩියෝ දර්ශන හඩ සමග පටිගත කිරීම අනිවාර්ය කර ඇති බවයි වාර්තා වන්නේ.

ගාස්තු සම්බන්දව චෝදනා දෙවරක් හෝ ඊට වඩා සිදු වූ රියදුරන්ගේ බලපත්‍රය අත්හිටුවීමට කටයුතු කරන බව අමාත්‍ය Gabrielle Williams ප්‍රකාශ කර සිටියා.

මේ පිළිබද අදහස් දක්වමින් වික්ටෝරියා Taxi සංගමය කියා සිටියේ මෙම නව නීති Uber හා Didi වැනි සමාගම්වලටද යෙදිය යුතු බවයි.

මෙම වසර අගදී මෙම නව නීති ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »