Search

පාප් වහන්සේ තේරීමේ අත්දැකීම විස්තර කරන ලොව ලාබාලතම ඔස්ට්‍රේලියා කාදිනල්වරයා

XIV වන ලියෝ පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමේ සම්මේලනයේ ලාබාලතම කාදිනල්වරයා ඔස්ට්‍රේලියාවේ Mykola Bychok හිමිපාණන් වනවා.

අභාවප්‍රාප්ත ෆ්‍රැන්සිස් පාප් වහන්සේගෙන් කාදිනල් තනතුරට උසස්වී මාස 6 ක් පමණක් ගතවුවද 45 හැවිරිදි ඔස්ට්‍රේලියා කාදිනල් හිමිපාණන් මේ වනවිටත් ඉතිහාසයට එක්වී අවසන්.

එතුමන් පවසන්නේ නව පාප් වහන්සේ තේරීමේ අත්දැකීම තමන්ට කිසිදා අමතක නොවන බවයි.

යුක්‍රේනියානු ජාතිකයෙකු වන මෙල්බන්හි පදිංචි කාදිනල්තුමා වතිකානු සමුළුවෙන් පසු ඊයේ රෝමයේදී පළමු වතාවට මාධ්‍ය හමුවකට පෙනීසිටියා.

මාධ්‍යවේදීන් මෙහිදී නව පාප් වහන්සේට ලද ඡන්ද ප්‍රමාණය මෙන්ම කාදින්තුමා ලබාදුන් ඡන්දය පිළිබඳ විමසීමක් කළා.

එහෙත් රහස්‍යභාවය රැකීමට දුන් ප්‍රතිඥාව මත Mykola Bychok කාදිනල් තුමා ඒ සම්බන්ධයෙන් කිසිදු පිළිතුරක් ලබාදී නැහැ.

මෙහිදී කාදිනල්වරයාගේ දේවගැති ජෙනරාල් Simon Cjuk පියතුමා මාධ්‍ය වේදීන්ට පවසා සිටියේ පාප් වහන්සේ වැනි කෙනෙකුට කොපමණ ඡන්ද ලැබුණාද වැනි ප්‍රශ්න කාදිනල්වරයෙකුගෙන් නොවිමසන ලෙසයි.

කෙසේවෙතත් මාධ්‍ය හමුවේදී කාදිනල්තුමා කියාසිටියේ ඊළඟ පාප් වහන්සේ කෙරෙහි පමණක් නොව කතෝලික පල්ලියේ අනාගතය කෙරෙහිද තමන්ට විශාල වගකීමක් සම්මේලනයේදී දැනුණු බවයි.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »