Search

ඔස්ට්‍රේලියානුවන්ගෙන් 52% ක් ලිංගික සම්බන්ධ ප්‍රතිකාර අත්හැර දමයි

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 52 කට වඩා වැඩි පිරිසක් වෛද්‍යවරුන් සමග ඇති දුර්වල අත්දැකීම් නිසා ලිංගික ගැටළු සම්බන්ධ ප්‍රතිකාර අත්හැරදමා ඇතැයි අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

ඇමරිකා සමීක්ෂණ ආයතනයක් විසින් සිදුකළ අධ්‍යයනයකදීයි මේ බව අනාවරණය වී ඇත්තේ.

කාන්තා සෞඛ්‍ය සඳහා වන Jean Hailes හි Gynecologist වෛද්‍ය Pav Nanayakka පවසන්නේ යෝනි මාර්ග සම්බන්ධ ගැටලු සඳහා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණීමේදී කාන්තාවන් විවිධ ලැජ්ජාවන්ට මුහුණදී ඇති බවට වාර්තා වන බවයි.

මෙවැනි හේතුමත රෝගීන්ට සෞඛ්‍ය සේවා වෘත්තිය කෙරෙහි විශ්වාසය නැතිවීමට හේතුවන බව කාන්තා රෝගියෙකු මාධ්‍යයට පවසා තිබෙනවා.

මෙය වෛද්‍ය පුහුණුවේ ඇති විශාල දුර්වල කමක් බවයි එම කාන්තාව පෙන්වාදෙන්නේ.

ඔස්ට්‍රේලියාවේ යෝනි මාර්ගය සඳහා උපකාර පැතූ පුද්ගලයින් 21 දෙනෙකු යොදා 2021 වසරේ සිදුකළ අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ වෛද්‍ය උපදෙස් පැතීමේදී සිය ආත්ම හැඟීම් දුර්වල වන බවත් උපකාර ලබාගැනීම අත්හැරීමට බොහෝ රෝගීන්ට සිදුව ඇති බවයි.

මේ අතර 2024 EndGenderBias වාර්තාවට අනුව කාන්තාවන් තිදෙනෙකුගෙන් දෙදෙනෙකු ස්ත්‍රී පුරුෂභාවය සම්බන්ධ වෛද්‍ය උපදෙස් ලබැගැනීමට යාමේදී විවිධ පීඩනයන් අත්විඳ තිබෙනවා.

 

 

 

 

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »