Search

පොලීසියට එරෙහිව පැවති මෙල්බන් CBD විරෝධතාව

මෙල්බන් CBD අසල ඊයේ පැවති විරෝධතාවයකදී පොලීසිය විසින් පුද්ගලයෙකු රඳවා ගෙන ඇතැයි වාර්තා වනවා.

 පොලිස් බලකාය අහෝසි කරන ලෙස ඉල්ලමින් ඔවුන් ඊයේ විරෝධතාවයක නිරත වුණා.

 ඊයේ රාත්‍රියේ කාර්යබුහල වේලාවකදී සදර්න් ක්‍රොස් ස්ටේෂන් එක අසල මෙම විරෝධතාව පැවැත්වුණා.

 විරෝධතාකරුවන් පොලීසිය සහ ඔස්ට්‍රේලියානු දේශසීමා බලකාය අහෝසි කරන ලෙස ඉල්ලා සිටිමින් නගරය හරහා පෙළපාලි යාමට සැලසුම්කර තිබූ බවයි වාර්තා වන්නේ.

 නමුත් පොලීස් බලකායේ විශාල නිළධාරීන් පිරිසක් විරෝධතාව අසල යොදවා තිබෙනවා.

 ඊයේ සවස ඇතිවූ නොසන්සුන්කාරී අන්තර් ක්‍රියාවකින් පසු නිලධාරීන් විසින් කළු පැහැති තොප්පියක් සහ අව් කණ්නාඩියක් පැළඳ සිටි පුද්ගලයෙකු රැගෙන ගොස් ඇති අතර පසුව ඔහු නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.

වෙනත් ප්‍රධාන බාධා කිරීම් එම අවස්ථාවේ සිදුව නැහැ.

වික්ටෝරියා පොලීසිය මීට පෙර පවසා තිබුණේ නීත්‍යානුකූල විරෝධතා දැක්වීමට ජනතාවට ඇති අයිතියට ගරු කරන නමුත් පුළුල් ප්‍රජාවට බලපෑමක් නොකර සාමකාමීව ඔවුන් එසේ කරනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් ගින්නකින් විනාශ වෙයි

අද අලුයම ඇතිවූ ගින්නකින් වික්ටෝරියාවේ ජනප්‍රිය හෝටලයක් වන Churchill හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. ගින්න නිසා විශාල දුමාරයක් නගරය පුරා පැතිර ඇති අතර Country Fire

Read More »